Friday, March 29, 2024

General line - 0115112241

එක්දින තරගාවලිය හෙට ඇරඹේ




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට පැවැත්වෙනවා. ඒ, ධර්මශාලාහිදියි. 

තිසර පෙරේරා නව නායකත්වයට පත් වීමෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු එක්දින තරගය ද මෙයයි. ආබාධවලට ලක්ව සිටි අසේල ගුණරත්න සහ කුසල් ජනිත් පෙරේරා ද මෙම එක්දින තරගාවලියේ ශ‍්‍රි ලංකා සංචිතයට ඇතුළත්. වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සහ ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් මෙවර සංචිතයට එක්කර නැහැ. 

මේ අතර, ඉන්දිය කණ්ඩායමේ නිත්‍ය නායක විරාත් කෝලි මෙම තරගාවලියට සහභාගී නොවන අතර, ඉන්දිය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මාටයි.