Friday, March 29, 2024

General line - 0115112241

ඇල්ලී සමාගමේ වෙළඳ නියෝජිතයින් දිරිගැන්වීම




ඇල්ලී පුද්ගලික සමාගමේ වෙළඳ නියෝජිතයින් දිරිගැන්වීමේ වැඩසටහනක් එම ආයතන පරිශ‍්‍රයේ දී ඊයේ (09) පැවැත්වුණා. මේ, ඒ පිළිබඳ අදහස් දක්වන එම සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ ඉල්ලිම් රිලූවාන් පවසන්නේ ඉදිරි වසර 5 ඇතුළත දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් උස්ම තත්වයේ ආහාර නිපදවන සමාගම බවට පත්වීම තම අරමුණ බවය.

අළෙවි හා නිෂ්පාදන කණ්ඩායම් එක්ව එම අරමුණ කරා එම කාලයටත් පෙර තම ඉලක්කය කරා ළඟාවීමට හැකිවනු ඇතැයිද ඔහු මෙහිදී සඳහන් කළා. තම ආයතනය පිටි වර්ග 20කට වැඩි ප්‍රමාණයක්ද, නූඩ්ල්ස් වර්ග 25ක් පමණද, පපඩම්, සෝස් වර්ග සහ ජෑම්ද නිෂ්පාදනය වන බව ඔහු පවසනවා.