Saturday, April 20, 2024

General line - 0115112241

ලෙබනනයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

බී.බී.සී ඇසුරෙන්




ලෙබනනයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද (10) උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

, අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහි විරෝධතාවක් හේතුවෙන්. ජෙරුසෙලම, ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස තමන් පිලිගන්නා බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉකුත්දා ප‍්‍රකාශ කළා.

එම ප‍්‍රකාශයට විරෝධය පළ කරමිනුයි පලස්තීන වැසියන් අද (10) මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ.

විරෝධතාරකැවන් විසිරුවා හැරීම සහා ආරක්ෂක අංශවලට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරද එල්ල කිරීමට සිදු වුණා.

එහිදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ද හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, අරාබි ලීගය ද අමෙරිකාවේ තීරණය විවේචනයට ලක් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මැද පෙරදිග සාමය බිඳ දැමීමට අමෙරිකාවට කිසිදු අයිතියක් නොමැති බවයි.