Wednesday, April 24, 2024

General line - 0115112241

හතුරුසිංහගේ ඉවත් වීමෙන් පසු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට වෙච්ච දේ

තරංග රුක්ෂාන් ජයසේකර




බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශකීබ් අල් හසන් නම් කර තිබෙනවා.

ඒ, එළඹෙන බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය මුල්කර ගනිමින්.

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්කළ හොත් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ‍්‍රී ලංකා පිල තරග වදින පළමු ටෙස්ට් තරගාවලිය ද මෙය වනු ඇති. 

හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමෙන් ඉවත්වීම හේතුවෙන් ක‍්‍රීඩකයින්ගේ මානසිකත්වයට බලපෑම් එල්ල වූ බව එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හුසේන්  ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔහු කියා සිටියේ එය ඉකුත් දකුණු අප‍්‍රිකානු සංචාරයේදී බංග්ලාදේශය ලැබූ දැවැන්ත පරාජයෙන් තහවුරු වූ බවයි. කෙසේ වෙතත් හතුරුසිංහ ඉවත්වීමෙන් පසු කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්කරන්නේ කවුරුන්දැයි බංග්ලාදේශය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැහැ.