Thursday, March 28, 2024

General line - 0115112241

දැඩි  ඉල්ලීම් නිසා ඊයේ සටනට පිවිස  'ඉන්දියානුවන් දණ ගැස්වූ ලාංකික ක්‍රිකට් වීරයාට' තරගයෙන් පසු වෙච්ච දේ 




ඉන්දියාව පරදවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ඊයේ (10) දිනයේ දක්ෂතා දැක්වූ සුරංග ලක්මාල් මේ වනවිට රෝගාතුර වී සිටිනවා.

ඔහු තරගයට පෙරද අසනීප තත්ත්වයෙන් පසුවුවද හැකි නම් ක්‍රීඩා කරන ලෙස කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ඉල්ලා ඇති අතර ඊයේ තරගයට එක්ව ඇත්තේ ඒ අනුවයි.

කතා කිරීමට ද අපහසු තත්ත්වයේ පසුවූ ඔහු තරගය අතරේදී ද වමනය දමමින් ක්‍රීඩා කරනු ලැබුවා.


තරගයෙන් අනතුරුව සුරංග ලක්මාල් සඳහන් කළේ දිල්ලිවල තිබූ පරිසර තත්ත්වය නිසා මෙලෙස තමන් අසනීප වූ බවයි.

දිල්ලිවල තිබූ පරිසර තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ ප්‍රතිචාර පිළිබඳව ඉන්දියාවේ ඇතැම් ක්‍රීඩකයන් තම නොසතුට පළ කර තිබුණා.