Friday, March 29, 2024

General line - 0115112241

මැතිවරණය උණුසුම්..දෙහිවලට ගයේෂා...කෑගල්ලේ හිටපු සභාපති පනී (PHOTO)

සුගත් ධර්මප්‍රිය




කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති  සහ පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජික  උපාලි දිසානායක අද (11) එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා.

ඔහු අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයට පැමිණ පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇත්තේ කෑගල්ල එජාප සංවිධායක ලිලාන් අමරකෝන් සමගයි.


මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා.

ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිර්ති උඩවත්ත ඉදිරියේ නාම යෝජනා අත්සන් කළ ඇය, දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට ඉදිරිපත් වන බවයි එම පක්ෂය සඳහන් කළේ.

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති  අගමැති හමුව 

 

රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තැබීම