Friday, April 19, 2024

General line - 0115112241

දුම්රිය වර්ජකයින්ගේ අලුත්ම තීරණය




අද (12) දිනයෙන් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් ගැන සිතා දුම්රිය ගමන්වාර කිහිපයක් සඳහා සිය සේවකයන් යෙදවීමට වර්ජනයේ නිරත දුම්රිය එන්ජින් රියදුරන් ප‍්‍රමුඛ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මේ බව සඳහන් කළා.

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ මෙම වැඩවර්ජනයට අදට දින 6 ක් ගතව තිබෙනවා. ඊයේ (11) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනින්ද සාකච්ඡාවට ලක් කෙරුණේ මේ පිළිබදවයි.

දුම්රිය එන්ජින් රියදුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ ඊට සහභාගි වුණා. 

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී මෙම වර්ජනය පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න..)