Saturday, April 20, 2024

General line - 0115112241

පළමු තරගයෙන් පසු දෙපිළටම ඉන්දියාවේ ධරම්සාලා නුවරින් පිටවීමට බැරිවෙයි

කසුන් කැලුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගයට සහභාගිවීම සඳහා ධරම්සාලා නුවරින් සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම පිටත්වීම ප‍්‍රමාදවී තිබෙනවා.

ඒ, එම ප‍්‍රදේශය අවට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

ඉන්දීය කණ්ඩායමටද මේ හේතුවෙන් දෙවන එක්දින කි‍්‍රකට් තරගය පැවැත්වෙන මොහාලි නුවර වෙත පැමිණීමට ඊයේ (11) හැකියාව ලැබී නැහැ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැඩි ශීත කාලගුණයක් පවතින කදු සහිත ධරම්සාලා නුවරින් ගුවන් යානා පිටත්විමද ප‍්‍රමාදවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.  

ඒ අනුව දෙපිළම දෙවන එක්දින කි‍්‍රකට් තරගය පැවැත්වෙන මොහාලි වෙත අද (12) යළි පියාසර කිරීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර දෙවන එක්දින තරගය හෙට (13) ආරම්භවීමට නියමිතව තිබුණේ පෙරවරු 11.30 ටයි. කණ්ඩායම් දෙකම මොහාලි වෙත පැමිණිම ප‍්‍රමාදවීම හේතුවෙන් එම තරගය හෙට පස්වරු 1.30 ට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.