Thursday, April 25, 2024

General line - 0115112241

බාධා මැද විභාගයට ගිය දරුවන් (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව/ රංජිත් රාජපක්ෂ - හැටන්




මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් වව්නියාව දිස්ත‍්‍රික්කයෙන් පෙනී සිටින අපේක්ෂකයින් අද (12) උදෑසනම මහත් උනන්දුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ සිටි බව අප වාර්තාකරුවන් පවසනවා.

වව්නියාව දෙමළ මහා විද්‍යාලය, වව්නියාව රම්බකුලම කාන්තා විද්‍යාලය, වව්නියාව සෛවප‍්‍රකාශ් කාන්තා විද්‍යාලය ඇතුළු පාසල් තුළ  විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර අද ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට වතුකරයේ දරු දැරියන්ද උද්යෝගයෙන් යුතුව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණි බවයි අප හැටන් වාර්තාකරුද සඳහන් කළේ. වර්ෂාව මධ්‍යයේ වුවද දරුදැරියන් නියමිත වේලාවට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ සිටි බවද පැවසුවා.

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ සෑම ප‍්‍රධාන නගරයකම විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර එම සෑම විභාග මධ්‍යස්ථානයකම දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.

මේ වන විටත් සිදුකෙරෙමින් ඇති දුම්රිය වර්ජනය නිසා විභාගය සඳහා පෙනි සිටින දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක්කර තිබෙනවා.

 

(එම අවස්ථා දෙකේ ඡායාරූප පහතින් දැක්වෙයි.)
 

 
-----------------------------------------------------------------