Thursday, March 28, 2024

General line - 0115112241

නිව්යෝර්ක් ප‍්‍රහාරයේ සැකකරු බංග්ලාදේශ ජාතිකයෙක්




අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ප‍්‍රධාන මෑන්හැටන් බස් නැවතුම්පොලට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ සැකකරු බංග්ලාදේශ සංක‍්‍රමණිකයෙකු බව අනාවරණ වී ඇති බවයි.

ඔහු ජිහාඞ් ත‍්‍රස්තයෙකු ලෙසද හඳුනා ගෙන ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇති බවයි නිව්යෝර්ක් නගරාධිපතිවරයා පවසා ඇත්තේ.

මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් සැකකරු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබුවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සංක‍්‍රමණිකයින්ට පැනවූ නීතියේ වැදගත්කම මෙවැනි සිදුවීම්වලින් පසක් වන බවයි එරට ආරක්‍ෂක අංශ පෙන්වා දී ඇත්තේ.