Friday, April 26, 2024

General line - 0115112241

පළමු තරගයේදී අසාර්ථක වූ ක්‍රීඩකයා ඉවතට - ඇතුළට එන්න තිදෙනෙක් වැට උඩ

කසුන් කැලුම්




ඉන්දීය කණ්ඩායම සමග හෙට (13) පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගයේදී ලහිරු තිරිමාන්නට සිය ස්ථානය අහිමි වනු ඇතැයි වාර්තා වනවා. 

ඒ, ධරම්ශාලාහි පැවති පළමු එක්දින තරගයේදී ඔහු අසාර්ථකවීම හේතුවෙන්.

ඒ අනුව හෙට තරගයේදි ලහිරු තිරිමාන්න වෙනුවට ධනංජය සිල්වා, කුසල් ජනිත් හෝ සදීර සමරවික‍්‍රම කී‍්‍රඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

තරග 3 කින් සමන්විත එම තරගාවලියේ එකට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට ඉන්දියාවේදී එක්දින තරගාවලි ජයක් වාර්තා කර ඇත්තේ 1996 වසරේදීයි. හෙට පැවැත්වෙන තරගය ශී‍්‍ර ලංකාව ජයගතහොත් වසර 21 කට පසු ඔවුන් ඉන්දියාවේදී ලබන පළමු එක්දින කි‍්‍රකට් තරගාවලි ජයග‍්‍රහණය ලෙස එය සනිටුහන්වනු ඇති.