Friday, March 29, 2024

General line - 0115112241

ඊයේ වැටුණු කොටස් වෙළඳපොල අද තරමක් ඉහළට




කොළඹ කොටස් වෙළඳපොල අද (12) දිනය අවසානයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 2.95 කින් ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.05 ක වර්ධනයක් .

එය අද (12) දිනය අවසානයේ දී ඒකක 6360.36 ක් ලෙස සටහන් වූණා.

මේ අතර, එස්.ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 5.97කින් ඉහළ ගොස් ඇති අතර එය ද ඒකක 3701.82 ලෙස සටහන්ව තිබෙනවා.

එම අගය ද සියයට 0.16% ක වර්ධනයක්.

අද (12) දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් මිලියන 999ක් වන අතර අද දිනයේ දී කොටස් මිලියන 21 ක් හුවමාරු වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතිය අවසානයේ දී කොටස් වෙළඳපොල සැලකිය යුතු ආකාරයෙන් පහත වැටී තිබුණා.

පසුගිය සතිය අවසානයේ දී එස්.ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම සතිය ආරම්භයේ දී වෙළඳපොල ඉහල යනු ඇති බවයි ආර්ථික විශලේශකයන් සඳහන් කළේ.

ඒ පසුගිය සිකුරාදා (08) එස්.ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 4.89 කින් ඉහළ ගොස් ඇති අතර එය ද ඒකක 3,717.50 ලෙස සටහන් වුණා.

එම අගයද සියයට 0.13% ක ඉහළ යාමක්.

එම වර්ධනයත් සමග මෙම සතියේ දී කොළඹ කොටස් වෙළඳ පොල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවයි බොහෝ දෙනා අපේක්ෂා කළේ.

නමුත් ඊයේ (11) දිනයේ දී කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක මාස 08කින් අවම අගයන් වාර්තා කළා.

සමස්ත මිළ දර්ශකය දිනය අවසන දී 6357.41ක් ලෙස සටහන් වුණා.

ඒ අමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීමේ ඉඩකඩ ඉහළ යාම හේතුවෙන්.

මෙහිදී විදේශ ආයෝජකයන් මෙරට මහා පරිමාණ සමාගම්වල කොටස් විකිණීමේ තත්ත්වයක් ඊයේ (11) දක්නට ලැබුණු බවයි මධ්‍යම කොටස් හුවමාරුව සඳහන් කළේ.