Friday, March 29, 2024

General line - 0115112241

‍2018 බස්නාහිර අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

අයිරංගි එදිරිසිංහ




2018 වර්ෂය සඳහා වූ බස්නාහිර පළාත් සභා විසර්ජන කෙටුම්පත් වැඩි ඡන්ද 75න් අද (12) සමත් වුණා.

මෙහිදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 80ක් ලැබුණු අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 05ක් පමණයි.

ඡන්ද විමසීමේ දී උපාලි කොඩිකාර මන්ත්‍රීවරයා ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්ෂව ඡන්දය භාවිත කළා.

යහපාලන ආණ්ඩුව හා ඒකාබද්ධ විපක්ෂය නියොජනය කරන මන්ත්‍රීවරුන් මෙවර අදාළ කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදුන්නා.

2018 වර්ෂය වෙනුවෙන් බස්නාහිර පළාත් සභාව සඳහා ඇස්තමේන්තු කළ මුළු වියදම රුපියල් මිලියන 71,645,639 ක්.