Friday, April 26, 2024

General line - 0115112241

සුදු කහ කොළ නිල් රතු උල්කා වැස්සක් හෙට අහසේ




වසරේ වඩාත්ම හොඳින්ම දර්ශනය වන උල්කාවර්ෂාව හෙට (13) රාත්‍රියේ දිස්වන බව මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. සෑම වසරකම දෙසැම්බර් 07 සිට17 කාලය තුළ දිස්වන ජෙමිනිඩ් නම් වූ උල්කාවර්ෂාවේ උච්ඡතම අවස්ථාව හෙට රාත්‍රියේ දී මෙසේ ශ්‍රී ලංකාවට හොදින් දර්ශනය වනු ඇති.

පැහැදිලි අහසක් සහිත ස්ථානයකදී පස්වරු 09.00න් පසු නැගෙනහිර අහසේත්, මධ්‍යම රාත්‍රියට ආසන්නයේ දී අහස මුදුන දෙසිනුත්, අළුයම් කාලයේ දී බටහිර අහස දෙසිනුත් කඩාහැලෙන තරු මෙන්දිස්වන මෙම උල්කාවර්ෂාව දැකගත හැකිය. මෙය නැරඹීමට සුදුසුම වේලාව අනිද්දා (14) අළුයම 2.00ත් 4.00ත් අතර කාලය බවයි මහාචාර්යවරයා පවසන්නේ.

පැයකට උල්කාපාත 120ක් පමණ ඇද හැලෙන මෙම උල්කාවර්ෂාව පියවි ඇසින් නැරඹිය යුතුබවයි මාහාචාර්යවරයා පවසන්නේ. මෙම උල්කාවර්ෂාව දෙසැම්බර් 14 සහ 15 දිනවල ද දර්ශනය වනමුත් එවිට දිස්වන උල්කාප්‍රමාණය තරමක් අඩුය. 

මෙම උල්කා වර්ෂාව සුදු, කහ, කොළ, නිල් සහ රතු වර්ණ සහිත වෛර්ණ උල්කාවලින් යුතු උල්කාවර්ෂාවක් ලෙස ප්‍රසිද්ධියට පත් උල්කා වර්ෂාවක් බව මහාචාර්යවරයා පවසනවා.