Friday, April 19, 2024

General line - 0115112241

දකුණු ආසියාවේ හොඳම ප්‍රචාරක ජාලය බවට යළිත් ලියෝ බර්නෙට් ශ්‍රී ලංකා සමාගම පත්වෙයි




ලොව පුරා ව්‍යාප්ත ප්‍රචාරක ජාලයක් වන ලියෝ බර්නෙට් සමාගමේ දේශීය කාර්යාලය වන ලියෝ බර්නෙට් ශ්‍රී ලංකා සමාගම සිය සාර්ථකත්වය ලොවට විදහා දක්වමින් තුන්වන වරටත් රන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඉන්දියාවේ මුම්බායිහි පැවති දකුණු ආසියාවේ අලෙවි සන්නිවේදන ප්‍රධානි හා ලියෝ බර්නෙට් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ රනිල් ද සිල්වා සහ එහි සන්නිවේදන කළමණාකරු සෙලෝනික පෙරුමුල් මෙම අවස්ථාවට සහභාගී වුණා.

2015 දී සහ 2016 යන වර්ෂවලදී මෙන්ම 2017 වර්ෂයේ දී ද දකුණු ආසියාවේ සෙසු ආසියානු කලාපය සඳහා වූ වාර්ෂික සම්මානය දිනා ගනිමින් ලියෝ බර්නෙට් ශ්‍රී ලංකා ආයතනය සමත්ව තිබෙනවා.

විශිෂ්ඨ කළමනාකරණය හා සන්නිවේදයේ සාර්ථකත්වය තුළින් සිය ජයග්‍රහණ තවදුරටත් රඳවා ගැනීමට හැකි වූ බවයි ලියෝ බර්නෙට් සමාගම පවසන්නේ.

ලියෝ බර්නෙට් ශ්‍රී ලංකා සමාගම 2012 වසරේ සම්මානයෙන් පිදුම් ලත් අතර එම වර්ෂයේ සිට මේ දක්වා විවිධ අංශයන්හි විවිධ අවස්ථාවල රන් සම්මාන 5ක් ද හිමිකර ගැනීම විශේෂත්වයක් වනවා.

තමන්ගේ සාර්ථක නිර්මාණයන් හා සාර්ථක ප්‍රකාශන අදාළ අංශයේ තමන්ව තවදුරටත් ඉහළ ඔසවා තබා ඇති බව ලියෝ බර්නෙට් ශ්‍රී ලංකා සමාගම සඳහන් කළා. ව්‍යාපාර සංවර්ධනය, මුල්‍ය වර්ධනය, වෘත්තීමය සංවර්ධනය, ක්‍රීයාශීලී නායකත්වය හා දායකත්වය වැනි අංශයන් කෙරෙහි ඇති විශ්වාසය මත ලියෝ බර්නෙට් ශ්‍රී ලංකා සමාගම කීර්තියට පත්ව ඇති අතර ඒ මගින් ලැබුණු ප්‍රතිචාර අඛණඩව මෙම සමාගම ජයග්‍රහණය කරා රැගෙන ගොස් තිබෙනවා.