Wednesday, April 24, 2024

General line - 0115112241

මුහමාලේ බිම් බෝම්බවලින් නිදහස්

දිනසේන රතුගමගේ - වවුනියාව




එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් බිම්බෝම්බ වැඩිම ප්‍රමාණයක් වළලා තිබුණු කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේ බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසුව සාමාන්‍ය වැසියන් යළි එහි පදිංචි කරවීම සඳහා අද (12)  එම ප්‍රදේශය පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

මෙම ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක් හා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් සිදු කරණ ලද අතර බිම්බෝම්බ ඉවත් කරන ලද අක්කර 48 ක ප්‍රමාණයක් කිළිනොච්ච්ය පලෙයි ප්‍රාදේශීය ලේකම් ප්‍රමෝද්‍යන් ජෙයරාණි වෙත භාරදී ඇත්තේ බිම්බෝම්බ ඉවත් කරණ ලද අන්තර් ජාතික සංවිධානයේ නියෝජිතයින් විසින්.

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් කිළිනොච්චි ප්‍රදේශය පාලනය කල කාල වකවානුවේදී ඔවුන්ගේ අවසාන මුරපොලත් යුද හමුදා ප්‍රහාරවලින් බේරීමට ඉදි කල ඉදිරි ආරක්ෂක තීරයත් පිහිටා තිබුණේ මෙම මුහමාලේ ප්‍රදේශයේයි.

මේ නිසා යුදහමුදාව එල්.ටී.ටී.ඊ.පාලන ප්‍රදේශයට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා ඔවුන් මුහමාලේ ප්‍රදේශය පුරා බිම්බෝම්බ අතුරා තිබුණා.

එම පළාත තුළ බිම්බෝම්බ ඉවත් කිරීම පිණිස වසර  අටක කාලයක් ගත වී තිබෙනවා.