Wednesday, April 24, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර වංචා නඩුවකින් නිදහස්

අධිකරණ වාර්තාකරු




රුපියල් ලක්ෂ 54ක් වටිනා මොන්ටේරෝ රථයක් විකුණා, ගැණුම්කරුට එහි ලියාපදංචි අයිතිය පවරා නොදුන් බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට පවරා තිබූ නඩුවකින් ඔහු අද (12) නිදහස් කෙරුණා.

, කොළඹ මහාධිකරණය විසින්.

මෙම නඩුව සම්බන්ධයෙන් පැමිණිලිකරු සහ විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයා අතර සමථයක් ඇති වි ඇතැයි ද පැමිණිලිකරු දිවුරුම් ප‍්‍රකාශයක් මගින් ඒ පිළිබ අධිකරණයට දැනුම් දී ඇතැයි ද නීතිපතිවරයා කියා සිටියා.

පැමිණිලිකරුවෙකු තවදුරටත් නඩුවක් පවත්වාගෙන යාමට අදහස් නොකරන්නේනම් එවැනි නඩුවක් ඉල්ලා අස් කර ගැනීමට නිතිපතිවරයාට බලය තිබෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ඒ අනුව, අදාළ නඩු කටයුතු අද දින අවසන් කෙරුණු අතර, රාජ්‍ය අමාත්‍යවරයා නඩුවෙන් නිදහස් කෙරුණේ ද එහි ප‍්‍රතිඵලයක් ලෙසයි.