Friday, March 29, 2024

General line - 0115112241

යුද අපරාධ ගැන බලපෑම් කරන ලෙස දෙමළ සංවිධාන දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් යළි ඉල්ලයි

හේමන්ත කහවලගේ




ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විශ්වසනීවය හා කාලෝචිත යුක්තිය ඉටු කිරිමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම සහා තවදුරටත් බලපෑම් කරන්නැයි විදේශිය දෙමළ සංවිධාන දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් නැවත ඉල්ලිමක් කර තිබෙනවා.

මෙම ඉල්ලීම කර ඇත්තේ බි‍්‍රතාන්‍යය දෙමළ මණ්ඩපය සහ අමෙරිකාවේ දෙමළ දේශපාලන ක‍්‍රියාකාරීත්වය සහා වන කවුන්සිලය විසින්.

සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විශ්වසනීවය හා කාලෝචිත යුක්තිය ඉටු කිරිමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට 2015 වසරේදී ශ‍්‍රී ලංකාව පොරොන්දු වී ඇතැයි ද ඔවුන් සිහිපත් කර තිබෙනවා.

මේ යටතේ ශ‍්‍රී ලංකාවේ ඇතැම් නීති වෙනස් කිරීමද සිදු කළ යුතු බවයි බි‍්‍රතාන්‍යය දෙමළ මණ්ඩපය සහ අමෙරිකාවේ දෙමළ දේශපාලන ක‍්‍රියාකාරීත්වය සහා වන කවුන්සිලය අවධාරනය කරන්නේ.

යුද අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් ලබා දිය යුතු බවද ඒ පිළබ නඩු විභාග කිරීමට හයිබි‍්‍රඞ් අධිකරණයක් පිහිටුවිය යුතු බවද ඔවුන් පවසනවා.

යුක්තිය ප‍්‍රමාද වීම යුක්තිය නොසළකා හැරීමක් බවයි මෙහිදී වැඩිදුරටත් සිහිපත් කර ඇත්තේ.