ශ්රී ලංකාවේ පැවති බෙදුම්වාදී ත්රස්තවාදය අවසන් කිරීමට හැකි වුවද ඒ සම්බන්ධයෙන් වන මතවාදයන් අවසන් වී නැති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
එවන් මතවාදයන් පරාජය කළ හැක්කේ නිවැරදි මතවාදයක් තුළින් බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.
ජාතික සහජීවනය, සංවාද හා රාජ්ය භාෂා අමාත්යංශය විසින් අද (12) සංවිධාන කර තිබූ ස්වා ආගමික සහජීවන සමුළුවට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.