Friday, April 26, 2024

General line - 0115112241

ඔකි කුණාටුව නිසා අතුරුදන් වූ ධීවරයින් පිරිසක් දිවයිනට

ටී කේ ජී කපිල - කටුනායක




ඉකුත්දා දිවයිනට බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් අතුරුදන්ව සිටි ධීවරයන් පස් දෙනෙකු අද (12) යළි ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් ධීවර කටයුතු සදහා පිටත්ව ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මස 10වනදායි.

සුළං තත්ත්වය අධික වීමත් සමග දෙසැම්බර් පළමුවනදා තමන් මෙලෙස අනතුරට ලක්වූ බවයි ධිවරයන් පැවසුවේ.

කෙසේවෙතත් ඉරාන ඉන්ධන නෞකාවකින් ඔවුන්ව බේරාගෙන තිබෙනවා.

අනතුරුව අබුඩාබි එටිහාට් ගුවන් යානයකින් අදාළ ධීවරයන් පිරිස අද (12) පස්වරුවේ දිවයිනට ගෙන්වා ගෙන ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.