Tuesday, March 19, 2024

General line - 0115112241

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2017 උපාධි ප්‍රදානෝත්සවය (PHOTOS)




ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2017 උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

උපාධිලාභීන් 1063 දෙනෙක් අතරින් දර්ශනපති උපාධි ලාභියෙකු ඇතුළු පශ්චාත් උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් 93 දෙනෙකු පශ්චාත් උපාධි පීඨයෙන් උපාධි ලබාගත් අතර 969 දෙනෙකු මෙහිදී තම මූලික උපාධි හිමිකරගනු ලැබුවා.

උපාධි ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකුට උපාධි ප්‍රදානය කිිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

2017 වසරේ විශිෂ්ටයින්ට සම්මාන හා තිළිණ ප්‍රදානය කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින් ද, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති අද්මිරාල් දයා සඳගිරි ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

(ඡායාරූප පහතින් දැක්වෙයි)