Thursday, April 25, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී දැක්ක හොල්මන්




නිතර කතාබහට ලක්වන කුප‍්‍රකට වංචා සහ දූෂණ පිළිබඳව මෙන්ම හාස්කම් මුවාවෙන් ඇතැම් අය සිදු කරන ජාවාරම් පිලිබඳවද විධිමත් විමර්ශන සිදු කළ යුතු බව ගුප්ත විද්‍යා ගවේශක තිලක් සේනාසිංහ පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (12) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදියි.

හොල්මන් සහ අවතාර දුටු බවට ඇතැම් අය කරන ප‍්‍රකාශ ද මානසික ව්‍යාකූලතාවන් විය හැකි බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

හොල්මන් හෝ අවතාර ලෙස විස්තර කළ හැකි යමක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී තමන් ද දුටු බවයි තිලක් සේනාසිංහ වැඩිදුරටත් පැවසුවේ. එහෙත් සැබෑව නම් එය හොල්මනක් හෝ අවතාරයක් නොව මානසික හැසිරිමක ප‍්‍රතිඵලයක් බවද ඔහු විස්තර කළා. 

මෝහිණි, කළු කුමාරයා සහ බාලගිරි වැනි අමනුෂ්‍යයන්ගෙන් සිදුවන බව කියන බලපෑම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම අමනුෂ්‍ය ඛාණ්ඩ ජනගත වූ සංකල්ප බවයි ගුප්ත විද්‍යා ගවේශක තිලක් සේනාසිංහ විස්තර කළේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.