Thursday, April 25, 2024

General line - 0115112241

යාපනයේ කෝවිල් බිලි පූජා කරන්න ඉල්ලයි

දිනසේන රතුගමගේ




යාපනය අර්ධද්වීපය තුළ කෝවිල්වල සතුන් මරා බිලි පුජා පැවැත්වීම තහනම් කරමින් මීට පෙර ලබා දුන් නඩු තීන්දුවක් අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව 2ක් පෙත්සම් ගොනු කර තිබෙනවා.

අදාළ නඩු තීන්දුව ලබා දුන්නේ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් විසින්. ඊට එරෙහිව පෙත්සම් ගොනු කර ඇත්තේ යාපනය අර්ධද්වීපය තුළ කෝවිල 2ක භාරකාර මණ්ඩලයි.

සතුන් මරා බිලි පුජා පැවැත්වීම වසර ගණනාවක් තිස්සේ පැවත එන ආගමික සම්ප‍්‍රදායක් බවද එය අත්හිටුවීමෙන් බැතිමතුන් මානසික පීඩාවකට පත්ව සිටින බවද පෙත්සම්වලින් පෙන්වා දී තිබෙනවා.

මෙම පෙත්සම් දෙකේම වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි.