Saturday, April 20, 2024

General line - 0115112241

විසඳුම් ප්‍රමාද වුණොත් 'විදුලි බලේ' අඛණ්ඩ වර්ජනයකට සූදානම් ලු

ඩිල්ෂාන් මඩවල




සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් මෙතෙක් නොලැබුණු බව උපවාසයක නිරත විදුලි සේවකයන් පවසනවා.

මෙම උපවාසව සිදු කෙරෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටදියි.

එහි ඉහළ ශ්‍රේණි කිහිපයක නිලධාරීන්ට නීති විරෝධී වැටුප් වර්ධකයක් ලබා දී ඇතැයි ද එය දැන්වත් නිවැරදි කළ යුතු බවද මෙහිදී අවධාරනය කෙරෙනවා.

මෙම ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් ලබා දීම ආණ්ඩුව තවදුරටත් ප‍්‍රමාද කරන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසුවේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයෙන්ද විමසීමක් කළා. එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ උපවාසයේ නිරත විදුලි සේවකයන් වෙනුවෙන් සාකච්ඡාවක් ලබාදී ඇති බවයි. ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා කරන බවද සුලක්ෂණ ජයවර්ධන පැවසුවා.