Friday, April 19, 2024

General line - 0115112241

පුංචි ඡන්දය ගැන අඹගමුවේ නඩුව කල් යයි

අධිකරණ වාර්තාකරු




අඹගමුව ප‍්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන 3ක මැතිවරණය පැවැත්විම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය ලබන 15 වැනිදාට අද (13) කල් තැබුවා.

ඒ, නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්.

නඩුව ඉදිරියට මෙහෙයවීම සඳහා වගඋත්තරකාර පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කියා සිටියා.

පෙත්සම සළකා බැලීම කල් තබන ලෙස ඉල්ලා සිටින්නේද ඒ අනුව බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.