Wednesday, April 17, 2024

General line - 0115112241

සුපිරි පිති හරඹයෙන් වාර්තා පොතේ මුල් පිටුවේ තැන් 03ක නම ලියූ ෂර්මා ශ්‍රී ලංකාවේ නමත් දෙතැනක ලියයි

චම්ලි ඒකනායක/ කසුන් කැලුම්




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අද (13) පැවැත්වෙන දෙවන තරගයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා පොතට නව වාර්තාවක් එකතුව තිබෙනවා. ඒ අනුව එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ ද්විත්ව ශතක 3 ක් වාර්තා කළ ලොව පළමු කී‍්‍රඩකයා ලෙසද රෝහිත් ශර්මා මෙහිදී වාර්තා පොත් අතරට එක් වුණා. 

මේවනවිට ක්‍රීඩකයකු තනිවම රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නේද රෝහිත් ෂර්මාය. ඒ 2014 දී ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ ලකුණු 264ය. 2013 වසරේදී ඒස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 209ක් ලබා ඇතිෂර්මා එම ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේද නම රඳවාගෙන සිටිනවා. අද පැවැත්වෙන තරගයේදී නොදැවී ලකුණු 208ක් ලබාගත් ෂර්මා තම නම එම සටහනේ හයවැනි ස්ථානයේද සටහන් කරවීමට සමත් වුණා.