Friday, April 26, 2024

General line - 0115112241

නාමයෝජනා භාර ගැනීම අවසන් (UPDATE)




පළාත් පාලන ආයතන 93කට අදාළ නාම යෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00න් අවසන් වුණා.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් නෙත් නිවුස් වෙත කියා සිටියේ දහවල් 12.00 සිට පස්වරු 1.30 දක්වා විරෝධතා ගොනු කළ හැකි බවයි.

අනතුරුව තේරීම්භාර නිලධාරීන් විසින් නාමයෝජනාවල නිරවද්‍යතාව තහවුරු කිරීමේ කටයුතු සිදු කරන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ.

නියමිත පරිදි කාන්තා අපේක්ෂක සංඛ්‍යාව ඇතුළත් නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මත නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කෙරෙන බව ද ඔහු පැවසුවා. 

මේ අතර ගම්පහ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන 06ක් සඳහා ප‍්‍රධාන දේශපාලන පක්ෂ 03ක් අද නාමයෝජනා භාර දුන්නා.

නීතිමය ගැටලූ නොමැති පළාත්පාලන ආයතන 93කයි මෙලෙස මුල් අදියරේදී නාමයෝජනා භාර ගැනීම සිදුවන්නේ. සෙසු පළාත් පාලන ආයතන 248 නාමයෝජනා කැඳවීම ලබන 18 වැනිදා සිට 21 වැනිදා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතයි.
 

-----------------------------------

අනූතුනේ නාමයෝජනා භාර ගැනීම අදින් අවසන් වෙයි

(14-12-2017 05:26)

 

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වනවා.

නාමයෝජනා භාරගැනීම ආරම්භ කෙරුණේ ඉකුත් 11 වැනිදායි.

මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්‍රාදේශිය සභා 68 ක් ඇතුළත්.

එම පළාත් පාලන ආයතනවලට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (13) දහවල් 12.00 න් අවසන් වුණා.

නීතිමය ගැටලූ නොමැති පළාත් පාලන ආයතන 93 කයි මෙලෙස මුල් අදියරේදී නාමයෝජනා භාර ගැනීම සිදුවන්නේ. සෙසු පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 වැනිදා සිට 21 වැනිදා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතයි

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශිපි‍්‍රය ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය පෙබරවාරි මස 17 වැනි දින හෝ ඊට පෙර පැවැත්වීමට හැකිවනු ඇති බවයි.