Friday, March 29, 2024

General line - 0115112241

දයාසිරි ඇඟිල්ල දිගු කිරීම ගැන ප්‍රසන්න සහ නාමල් උත්තර දෙයි




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එ්කාබද්ධ විපක්ෂයේ එක්වීමට විරුද්ධ වූ දෙදෙනෙකු පිළිබඳව අමාත්‍ය දයාසිරි ජයසේකර ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණයක් සිදු කළා.

ඔහු එහිදී කියා සිටියේ ප‍්‍රසන්න රණතුංග සහ නාමල් රාජපක්ෂ යන මන්තී‍්‍රවරුන් මීට විරුද්ධත්වය ප‍්‍රකාශ කළ බවයි.

ඊයේ (13) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනින්ද මේ පිළිබඳව කතාබහට ලක් වුණා. අමාත්‍ය දයාසිරි ජයසේකර ද දුරකතනය ඔස්සේ නෙත් එෆ් .එම්. අන්ලිමිටඩ් වැඩසටහනට සම්බන්ධ වෙමින් අදහස් පළ කළා.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සිදු කරන මෙම ප‍්‍රකාශයට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට සම්බන්ධ වෙමින් ප‍්‍රතිචාර දැක්වූවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂද නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්, දයාසිරි අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයට පිළිතුරු දුන්නා. 

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි. )