Friday, March 29, 2024

General line - 0115112241

මිලියන 100ක වන්දි ඉල්ලා 'කොස් ලංකා' ආයතනය නඩු මගට




කොස් ලංකා (Coss Lanka) ආයතනය මිලියන 100ක වන්දියක් ඉල්ලා තවත් තරගකාරී ආයතනයක් වන G20 ආයතනයට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ බුද්ධිමය දේපළ පනත යටතේය.

එම නඩුවට අදාළව, කොස් ලංකා ආයතනයේ කීර්තිනාමයට හානියක් හෝ පාඩුවක් සිදුවන ආකාරයෙන් සහ / හෝ නිග්‍රහයක්, අපහාසයක්, අපකීර්තියක් හෝ අවතක්සේරුවක් සිදුවන ආකාරයෙන් හා කොස් ලංකා ආයතනය පිළිබඳව මහජනතාව නොමග යැවීමේ අරමුණින් කටයුතු කිරීමට අදාළව G20 ආයතනයට එහි හිමිකරු දිනේෂ් චන්දන නමැත්තාට එම කටයුතු වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.