Friday, March 29, 2024

General line - 0115112241

බියර් මිල අඩු කිරීම නිසා උතුරට වෙච්ච දේ

දිනසේන රතුගමගේ




මෙවර අයවැයෙන් බියර් මිල අඩු කිරීම හේතුවෙන් උතුරේ තල් රා අලෙවිය ඉතා ශීඝ‍්‍රයෙන් පහත වැටී ඇති බව උතුරේ තල් ආශ‍්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් රා නිෂ්පාදනයෙන් ජීවත් වන පවුල් 18,000ක් පමණ ඉතා අසීරු තත්වයකට මුහුණපා සිටින බවයි එම සංගමයේ සභාපති එන්. සෙල්ලයියා කියා සිටියේ.

බියර් මිල අඩු කිරීමෙන් පසුව යාපනයේ රා අලෙවිය සියයට 85කින් පමණ අඩු වී ඇති බව ඔහු ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා වෙත ලිපි මගින් දැනුවත් කළ බවද සඳහන් කළා. 

යාපනයේ තල් රා බෝතලයක සිල්ලර මිල රුපියල් 240ක්. ඊට සාපේක්ෂව බියර් මිල අඩු බැවින් රා පානය කළ බොහෝ පිරිස් බියර් පානයට හුරු වී ඇති බවයි උතුරේ තල් ආශ‍්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ.