Thursday, April 25, 2024

General line - 0115112241

දුම්රියේ තවත් පිරිසක් වැඩවර්ජනයක් අරඹයි

හර්ෂිකා සංජීවනී




දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, කැබිනට් අනුකාරක සභාව විසින් දුම්රිය සංගම් කිහිපයකට ලබාදුන් විසඳුමෙන් තමන්ට අසාධාරණයක් වී ඇති බව පවසමින්.

ඒ පිළිබඳ අදහස් දැක්වූ දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් අමල් පීරිස් සඳහන් කළේ "සියලුම බඳවා ගැනීම් පටිපාටිය නතර කිරීම තුළ තමන් ඇතුළු පිරිසට විශාල අසාධාරණයක් සිදු වෙලා තියෙනවා. හරිනම් හෙටින් පස්සේ බඳවා ගැනීම් සඳහා විභාග තියන්නයි සැළසුම් කරලා තිබ්බේ. නමුත් ඊයේ තීරණයත් සමග මෙම ගැටලුකාරී තත්ත්වය ඇති වුණා. ඒ නිසා මේ වන විට අපි දුම්රිය කර්මාන්තශාලාවල, ධාවනාගාරවල කටයුතුවලින් ඉවත් වෙලා තියෙනවා. තවත් වෘත්තීය සමිති මේකට සම්බන්ධ වෙන්න තියෙනවා. ඒ අනුව ඉදිරියේදී තවත් තීරණ ගන්නවා." යනුවෙනි. 

අදාළ විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිසන් සභාව අනුමත කළ බඳවා ගැනීමේ පටිපාටියට අනුව බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.  

මේ අතර දින කිහිපයක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් වීමෙන් පසුව අද (14) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු වන බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.