Saturday, April 20, 2024

General line - 0115112241

නාමල් අයථා ලෙස මුදල් ඉපයීමේ නඩුවට දින දෙයි




අයථා ලෙස මුදල් උපයා ගැනීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 05 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරී මස 16 වනදා ආරම්භ කිරීමට අද (14) නියම කෙරුණා. ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. නඩුවේ පළමු, දෙවන සහ තුන්වන සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසටද එහිදී සිතාසි නිකුත් කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සමාගම වෙනත් සමාගමක් සමග සිදු කළ ගනුදෙනුවකදී අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.