Friday, April 19, 2024

General line - 0115112241

පොහොට්ටුවේ බළකොටුවක්  බිඳවැටේ - මහරගම වැලිගම සහ පානදුරයෙන් පොහොට්ටුවේ නාමයෝජනා විසිවෙයි (UPDATE)

සුගත් ධර්මප්‍රිය 




පළාත් පාලන ආයතන 93 ක් සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනාවලින් 6 ක් ප‍්‍රතික්‍ෂේප වී තිබෙනවා. 


ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වී ඇත්තේ වැලිගම, පානදුර හා මහරගම යන නගර සභාවල සහ අගලවත්ත, බදුල්ල සහ මහියංගණය යන ප‍්‍රාදේශීය සභාවලයි. වැලිගම ප‍්‍රාදේශිය සභාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාරදී ඇත්තේ බලයත් නිලධාරියෙකු මගින් නොවීම එම නාමයෝජනාව ප‍්‍රතික්‍ෂේපවීමට හේතු වුණා. මහරගම නගර සභාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර තිබූ නාමයෝජනාව ප‍්‍රතික්‍ෂේප වී ඇත්තේ එහි නියමිත කාන්තා නියෝජනය නොතිබීම හේතුවෙන්. 

---------------------------------------------

බදුල්ල සහ මහියංගනය ප්‍රාදේශීය සභා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා.

------------------------------------------------------------

14-12-2017 16:02

පානදුර නගර සභාවට සහ අගලවත්ත ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රද ප්‍රතික්ෂේප වි තිබෙනවා

-------------------------------------------------------------

පොහොට්ටුවේ බළකොටුවක් බිඳවැටේ - මහරගම සහ වැලිගම නාම යෝජනා ප්‍රතික්ෂේපවූ හැටි මෙන්න

14-12-2017 15:40

පොදුජන පෙරමුණ මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ප්‍රමාණවත් කාන්තා නියෝජනය නොමැතිවීම  හේතුවෙන් මෙය  ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ. හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටියා.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පිළිගෙන තිබෙනවා.

පොදුජන පෙරමුණ වැලිගම නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වී තිබෙනවා. බලයලත් පුද්ගලයකු විසින් බාර නොදීම හේතුවෙන්.