Tuesday, April 23, 2024

General line - 0115112241

උත්සව සමයට ‘‘සහන මිළ වෙළද සැල්’’




එළඹෙන උත්සව සමයේදී ජීවන වියදම පාලනය කිරීම සදහා ‘‘සහන මිළ වෙළද සැල්’’ නමින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. සහල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ළුෑනු, අර්තාපල් හා ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 8 ක් ඇතුළත් සහන මල්ලක් මෙමගින් හදුන්වා දෙන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

ලංකා සතොස අළෙවි සැල් සහ පෞද්ගලික සුපිරි වෙළද සැල් මගින් ඒවා අළෙවි කිරීමටද සැලසුම් කර තිබෙනවා. මේ සදහා සහාය වන සියළුම රාජ්‍ය හා පෞද්ගලික වෙළද ආයතනවලට සහනදායි විදුලි ගාස්තු ක‍්‍රමයක් සහ බදු සහන ලබාදෙන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් කියාසිටියේ.