Friday, April 19, 2024

General line - 0115112241

ඡන්ද පෝළිමකට සූදානම් වෙන්න! හිටපු ජනපති නිකුත් කළ නිවේදනය මෙන්න




එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සෙසු සියලූ කාරණා පසෙක තබා එජාප - ශි‍්‍රලනිප හවුල් ආණ්ඩුවට පක්‍ෂද? නැද්ද? යන්න මත පමණක් ඡන්දය ප‍්‍රකාශ කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සියළු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම හවුල් ආණ්ඩුව ආර්ථිකව රට දුර්වල කළාක් මෙන්ම රටේ ඒකීයභාවයද තර්ජනයට ලක්කරමින් සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ.

ශී‍්‍ර ලංකාව ෆෙඩරල් ඒකක 9 කට බෙදීමේ නව ව්‍යවස්ථාවක් ගෙනඒමට මෙම හවුල් ආණ්ඩුව සූදානම් වන බවද එහි දැක්වෙනවා. ජනතා විමුක්ති පෙරමුණද එජාප - ශී‍්‍රලනිප හවුල් ආණ්ඩුවේම කොටස්කරුවෙකු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඒ අනුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද දායකයන්ට තෝරා ගැනීමට තිබෙන ආණ්ඩු විරෝධී එකම සැබෑ බලවේගය ඒකාබද්ධ විපක්‍ෂය පමණක් බවද ඔහු පවසනවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සමග ජනාධිපතිවරණය දක්වා දිවයන ඡුන්ද පෙළක් ආරම්භ වනු ඇතැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සදහන්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව 2019 නොවැම්බර් 9 වනදාත් දෙසැම්බර් 9 වනදාත් අතර මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද එහි විස්තර කර තිබෙනවා.