Saturday, April 20, 2024

General line - 0115112241

පොහොට්ටුව නාමයෝජනා හදද්දී මතගැටුම් ආ බව ගම්මන්පිල කියයි




නාමයෝජනා සකස් කිරීමේදී හවුල්කාර පක්‍ෂ අතර යම් යම් මතගැටුම් ඇතිවුවත් ඒවා විසදා ගනිමින් නාමයෝජනා සකස් කිරීම අවසන් කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වූ බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මේ බව පැවසුවේ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් සාමාජිකයන් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත්ව යාම පිළිබදවද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. ඊට පිළිතුරු ලබාදීමට උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා සමග වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයාද එක් වුණා.

වාසුදේව නානායක්කාර පැවසුවේ ඒ අය ගියා කියා තම බලයට හානියක් නොමැති බවය. එහෙත් ගිය අයට තිබූ බලය අහිමි වන බවද ඔහු පෙන්වා දුන්නා.