Saturday, April 20, 2024

General line - 0115112241

දුම්රිය තාක්‍ෂණික කළමණාකරණ සහකාර නිලධාරීන් වර්ජනය නවතයි




දුම්රිය එන්ජින් රියදුරන් ඇතුළු පිරිසක් දින 7 ක් සිදුකළ වැඩවර්ජනය ඊයේ (13) නිමාවීමෙන් පසු දුම්රිය තාක්‍ෂණික කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය අද උදැසන 8 ට තවත් වැඩවර්ජනයක් ආරම්භ කළා. කෙසේවෙතත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් පිළිබද සිතා එම වැඩවර්ජනය පස්වරු 4 ට අවසන් කළ බවයි එහි ප‍්‍රධාන ලේකම් අමල් පීරිස් පැවසුවේ.

දුම්රිය එන්ජින් රියදුරන් ඇතුළු පිරිසක් දින 7 ක් සිදුකළ වැඩවර්ජනය ඊයේ අවසන් කෙරුණේ කැබිනට් අනුකාරක සභාවක් සමග එළැඹි එකගතා 5කට අනුවයි. එම එකඟතා නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් දුම්රිය තාක්‍ෂණික කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය අද වැඩවර්ජනයක නිරත වුණා. මෙයින් පසුව හෝ තමන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයකට එළඹෙන බවයි ඔවුන් එහිදී අවධාරණය කළේ 

අද සිදුකෙරුණු වැඩවර්ජනය නිසා දුම්රිය ධාවනයට කැපී පෙනෙන බලපෑමක් ඇති නොවූ බව පාලක මැදිරිය කියාසිටියා.