Saturday, April 20, 2024

General line - 0115112241

මිළ අඩු කළ අත්‍යවශ්‍ය ඖෂධ, ස්ටෙන්ස් සහ අක්‍ෂි කාච වැඩි මිලට විකුණන රෝහල් තහනම් කරයි?




මිළ අඩු කළ අත්‍යවශ්‍ය ඖෂධ, ස්ටෙන්ස් සහ අක්‍ෂි කාච එම අඩු කළ මිළට පෞද්ගලික රෝහල් විසින් ලබාදෙන්නේ දැයි වහාම සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, ඇතැම් පෞද්ගලික රෝහල් අදාළ ඖෂධ, ස්ටෙන්ස් සහ අක්‍ෂි කාච තවමත් වැඩි මිළට අළෙවි කරන බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින්. 

මේ අතර අදාළ ඖෂධ, ස්ටෙන්ස් සහ අක්‍ෂි කාච අඩු කළ මිළට ලබා නොදෙන පෞද්ගලික රෝහල්වල ලියාපදිංචිය අවලංගු කළයුතු බවත් ඊට පෙර ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසන ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.