Thursday, March 28, 2024

General line - 0115112241

උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව




එළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර හිගයකින් තොරව වෙළධ පොළට සැපයීමට කටයුතු කරන බව රජය පවසනවා. මුදල් අමාත්‍යාංශය පැවසුවේ පරිප්පු, ටින් මාළු, ලොකු ළුෑණු, අර්තාපල්, සීනි සහ හාල්මැස්සන් වැනි ආනයනික ආහාර ආනයන මිළටම සියළු ප‍්‍රදේශවල අළෙවි කිරීමට ආනයනකරුවන්ද එකඟ වී ඇති බවයි. ඒ වෙනුවෙන් ඔවුන්ට දැරීමට සිදුවන බදු සහ ගබඩා වියදම් වැනි අතිරේක වියදම් රජය මගින් සහන ලබාදෙන බවද මුදල් අමාත්‍යාංශය පැවසුවා. 

පොල් සදහා ඇති ඉල්ලූමට විකල්පයක් ලෙස පොල් මද තීරුබදු නොමැතිව ආනයනය කිරීමට පොල් කිරි නිෂ්පාදකයන්ට සහ කර්මාන්තකරුවන්ට අනුමැතිය දී තිබෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.  ලබන වසරේ සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද දක්වා මාසයකට මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂය බැගින් සහල්ද ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.