Wednesday, April 24, 2024

General line - 0115112241

විභාගයට බාධා වන ලෙස ඡන්ද ප්‍රචාරය පටන් අරන්! සංගීත සංදර්ශනයක් පවත්වන්නත් හදලා




නාමයෝජනා භාරදිමෙන් පසු ඇතැම් පිරිස් සාමාන්‍ය පෙළ විභාගයට බාධාකාරී ලෙස හැසිරී ඇතැයි නෙත් නිවුස් වෙත තොරතුරු ලැබුණා. පැෆරල් සංවිධානය පැවසුවේ රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් එවැනි පැමිණිලි කිහිපයක්ම ලැබී තිබෙන බවයි.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ සංගීත සංදර්ශනයක් පැවැත්වීම සඳහාද එම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් උත්සාහ කර ඇති බවයි.

මැතිවරණ කටයුතු සදහා අමාත්‍යවරුන්ගේ වාහන රාජ්‍ය නිලධාරීන් විසින් යොදා ගැනීම පිළිබදවද පැමිණිලි 2 ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියාසිටියා.