Thursday, April 25, 2024

General line - 0115112241

වෙන දෙන්නෙකුට විභාගය ලියූ දෙන්නෙක් මාට්ටු




ලුණුගල මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ අන් අය ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම විද්‍යාලයේ ශාලා අංක 02හි සිටි මෙම දෙදෙනා විභාග අංක මාරු කර වෙනත් ළමුන් දෙදෙනකු වෙනුවෙන් විභාගය ලියමින් සිටින බවට ශාලාධිපතිවරයා ලුණුගල පොලිසියට කරන ලද දැනුම් දීමට අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 17 සහ 18 හි පසුවන මොවුන් දෙදෙනා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත්කරනු ඇති. 

මොවුන් දෙදෙනා පුද්ගලික අයදුම්කරුවන් ලෙසයි පෙනී සිට ඇත්තේ.