Wednesday, April 24, 2024

General line - 0115112241

කොළඹ පාරක් අද සිට 18 දක්වා වසා තැබේ




කොටහේන අලූත් මාවත හෙට්ටියාවත්ත හංදියේ සිට ඉබ්බගෙවත්ත හංදිය දක්වා වූ මාර්ගය, අද (15) සිට ලබන 18 වනදා දක්වා වසා තැබෙනවා. පොලිසිය පැවසුවේ අද රාත‍්‍රී 09 සිට 18 වනදා අලූයම 05 දක්වා මෙලෙස එම මාර්ගය  වසා තැබෙන බවයි. ජලනල එළීමේ කටයුත්තක් එයට හේතු වී තිබෙනවා. 

මේ හේතුවෙන් එම කාල සීමාවේ දී විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.