Friday, March 29, 2024

General line - 0115112241

'හොර ගුරු පත්වීම්..හොරට විශ්‍රාම වැටුප්..'- අධ්‍යාපන අමාත්‍යංශයේ මහජන දිනය දවසේ වෙච්ච හොඳ හොඳ වැඩ අහුවුණ හැටි 

සුගත් ධර්මප්‍රිය




අධ්‍යාපන අමාත්‍යංශයේ මහජන දිනයේදී සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා බුද්ධි අංශ යොදවා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත මෙලෙස බුද්ධි අංශ යොදවා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව පසුගිය බදාදා මහජන දිනයේදී උපාධිදාරී ගුරු පත්වීම් සඳහා ව්‍යාජ ආකෘති ලබාදෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියට බාරදී තිබෙනවා.

ඔහුගේ ව්‍යාජ ලේඛණ රැගෙන එම දිනයේම උපාධිදාරී ගුරු පත්වීම් ලබා ගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ තුනකින් තිදෙනෙකු පැමිණ සිටියා.

මේ අතර ඉහළ නිලධාරියෙකුගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා ගනිමින් විශ්‍රාම වැටුප් සකසා ගැනීමට පැමිණි අයෙකුද මෙහිදී හසුව තිබෙනවා.