Tuesday, April 23, 2024

General line - 0115112241

කළම්බෝ ලයන්ස් පිල කඩුළු 5න් පරාජයට (UPDATE)




සාජාහිදී පැවැත්වෙන ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ කළම්බෝ ලයන්ස් කණ්ඩායම සහභාගී වු පලමු තරගයෙන් කඩුලූ 5කින් පරාජයට පත් වුණා.

ඒ, විරේන්ද්‍ර ශෙවාග්ගේ මරාතා ඇරබියන්ස් කණ්ඩායම හමුවේයි. 

පළමුව පන්දුවට පහරදුන් කළම්බෝ ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලූ 4ක් දැවී ලකුණු 125ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් පන්දු 24කදී නොදැවී ලකුණු 37ක් රැස් කළා.

ඒ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ද සමගයි. ෂෙහාන් ජයසූරිය ලකුණු 28ක් රැස් කළ අතර රමිත් අඹුක්වැල්ල ලකුණු 22ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මරාතා ඇරබියන්ස් කණ්ඩායම කඩුලූ 5ක් දැවී ලකුණු 126ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. රයිලි රොසෝව් නොදැවී ලකුණු 49යි.

පන්දු යැවීමේදි විශ්ව ප්‍රනාන්දු ලකුණු 15කට කඩුලූ 2ක් බිඳ හෙළුවා.

තරගයේ අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් මරාතා ඇරබියන්ස් කණ්ඩායම මෙම තරගය ජය ගැනීම විශේෂත්වයක්.

-----------------

T 10 පළමු ජය පක්ටූන්ස්ට (15-12-2017 11:00)

සාජා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ටී ටෙන් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට සයිඞ් අෆ්රිඩි නායකත්වය දරණ පක්ටූන්ස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ ලකුණු 25කින් පරාජයට පත්වුණේ විරේන්ද්‍ර ශෙවාග්ගේ මරාතා ඇරබියන්ස් කණ්ඩායමයි.

එක් පිලකට පන්දුවාර 10 බැගින් හිමිවන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පක්ටූන්ස් කණ්ඩායම කඩුලූ 04ක් දැවී ලකුණු 121ක් රැස් කළා. එම ඉලක්කය හඹාගිය විරේන්ද්‍ර ශෙවාග් ප‍්‍රමුඛ මරාතා ඇරබියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10දී කඩුලූ 07ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 96ක් පමණයි.

සයිඩ් අෆ්රිඩි මෙහිදී කඩුලූ ත‍්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුණා. ඔහුගේ කඩුලූ ත‍්‍රිත්වයට ඇතුළත් වූයේ රිලී රොසොව්, ඩ්වේන් බ‍්‍රාවෝ, සහ විරේන්ද්‍ර ශෙවාග් යන ක‍්‍රීඩකයින්. ටී ටෙන් තරගාවලියේ වාර්තා වූ පළමු කඩුලූ ත‍්‍රිත්වයද මෙය වනවා.  මෙම තරගාවලියේ දිනේෂ් චන්දිමාල් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ, විරේන්ද්‍ර ශෙවාග්ගේ මරාතා ඇරබියන් කණ්ඩායමට එරෙහිවයි.