Friday, April 19, 2024

General line - 0115112241

සෝමා එදිරිසිංහගේ දුව 'කොළඹින් දේශපාලන' කරළියට..එජාපයෙන් රෝසි..විරුද්ධ පිළෙන් දීපා - දැන් පැවැත්වෙන මාධ්‍ය හමුව මෙන්න

ඩිල්ෂාන් මඩවල




නැසී ගිය ව්‍යාපාරික සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය දීපා එදිරිසිංහ කොළඹ නගර සභාව සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක තනතුරක් ද පිරිනමා ඇති බව මේවනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවක දී අනාවරණය වුණා..

අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ ප්‍රධානත්වයෙන් දීපා එදිරිසිංහගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වෙනවා.


කොළඹ  නගරාධිපති තනතුරට තරග වැදීම සඳහා දැනට එජාපය යෝජනා කර ඇත්තේ හිටපු අමාත්‍යවරියක වන රෝසි සේනානායකයි.