Friday, April 19, 2024

General line - 0115112241

වකුගඩු රෝගීන්ට දෙන ඖෂධ හිඟයක්! රෝගීන්ගෙන් චෝදනාවක්

කසුන් කැලුම්




වකුගඩු රෝගීන්ට ලබා දෙන ටැක්රොලිමස් නමැති ඖෂධය මහනුවර මහා රෝහලේ නොමැති වීමෙන් සායන සඳහා පැමිණෙන වකුගඩු රෝගීන් රැසක් පීඩාවට පත්ව සිටිනවා. එලෙස පැමිණි රෝගියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ වකුගඩු බද්ධ කළ රෝගියෙකු එම ඖෂධය දිනකට පස් වතාවක් පමණ භාවිත කළ යුතු බවයි. 

වකුගඩු බද්ධ කළ රෝගීන් සායන සඳහා දිනකට 50 ත් 60ත් අතර පිරිසක් මහනුවර මහ රෝහල වෙත පැමිණෙනවා. ඔවුන් ටැක්රොලිමස් නමැති ඖෂධය භාවිත නොකළහොත් බද්ධ කළ වකුගඩුවලට බලපෑම් එල්ල විය හැකි බවයි ප‍්‍රකාශ කෙරුණේ.

සායන සඳහා පැමිණෙන වකුගඩු රෝගීන් මුහුණ පා ඇති තත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් මහනුවර මහ රෝහලේ පාලනාධිකාරියෙන් විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක් වූයේ එහි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංඛ ජයවර්ධන පැවසුවේ ප්‍රමාධයට හේතුව සැපයුම්කරුගේ ගැටළුවක් බවය. එම ඖෂධ ගෙන එන නැවෙහි ප්‍රමාධයක් බව සැපයුම්කරු දන්වා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. රෝහලේ පවතින ඖෂධ අරපරෙස්සමින් සියළු රෝගීන්ට ලබා දී ඇති බවත්, තවත් ඖෂධ තොගයක් ඊයේ දිනයේ රෝහලට ලැබුණ බවත් ඉදිරියේදී මෙම ගැටළුව මතු නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.