Wednesday, April 24, 2024

General line - 0115112241

අයිඩියා  සමූහ  ව්‍යාපාරය ‘වසරේ   විශිෂ්ටතම   ව්‍යවසායක   සම්මාන   උළෙලේදී’   රන් සම්මාන 2කින් පිදුම් ලබයි




අයිඩියා    සමූහ    ව්‍යාපාරයේ ප‍්‍රධාන    විධායක නිලධාරී/කළමනාකාර  අධ්‍යක්ෂ,  සම්පත්  මායාකඩුව පසුගියදා  පැවති ‘වසරේ   විශිෂ්ටතම   ව්‍යවසායක   සම්මාන   උළෙල   -   2017’  හි   ‘පලාත්   රන් සම්මානය’   (මහා   පරිමාන   අංශය-   බස්නාහිර   පලාත) හා   ‘ජාතික   රන් සම්මානය’  (මහා  පරිමාන  අංශය)  යන  සම්මාන  දෙකකින්  පිදුම්  ලැබීය.

ශී‍්‍ර ලංකා  වාණිජ  හා  කර්මාන්ත  මණ්ඩලය වාර්ෂිකව  සංවිධානය  කරන එම  සම්මාන  උළෙලෙහි  22 වැන්න ජනාධිපති,  මෛතී‍්‍රපාල  සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන්  කොළඹ  බණ්ඩාරනායක  අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණ.

ශී‍්‍ර   ලාංකේය   ව්‍යවසායකයන්ගේ   නොසැළෙන   ජීවය   ඇගයීම   හා   ප‍්‍රණාම පුදකිරීමේ   අරමුණෙන්   පැවැත්වෙන   මෙම   ‘වසරේ   විශිෂ්ටතම   ව්‍යවසායක සම්මාන   උළෙලේ’දී   මෙවර   ‘වසරේ   විශිෂ්ටතම   ව්‍යවසායකයා’,   ‘වසරේ විශිෂ්ටතම   ව්‍යවසායිකාව’,   ‘වසරේ   විශිෂ්ටතම   තරුණ   ව්‍යවසායකයා’   හා ‘වසරේ  විශිෂ්ටතම  හැකියාවන්  සහිත  ව්‍යවසායකයා’  යන  අංශ  4  යටතේ සම්මාන පිදීය.

වර්තමාන  ශී‍්‍ර  ලාංකේය  ව්‍යාපාරික  ක්ෂේත‍්‍රයට  නව  නිෂ්පාදන  හඳුන්වාදෙමින් විවිධාංගී  ව්‍යාපාරකරණයෙහි  යෙදෙන  සම්පත් මායාකඩුව මෘදුකාංග සංවර්ධනය  කිරීමෙන් තම ව්‍යාපාර  කටයුතු ආරම්භ  කළේ  රුපියල්. 2000.00ක් ඇතිව   2008   වසරේදී    කොළඹට   පැමිණීමෙනි.  

ඔහුගේ   එම   සේවාවන් ලබාගැනීමට  එම  වකාවානුවේදී  ඔසටද  දුරකථන සමාගම ඉදිරිපත්වුණු  අතර එම සේවාව  ලබාදීමට  ඔහු  Idea Holding Private Limited   නම්  තම  ප‍්‍රථම  සමාගම 2008  සැප්තැම්බර්  මස  විවෘත  කෙරුණි.  විවිධ  මෘදුකාංග  හා  සේවා  සපයමින් ක‍්‍රමයෙන් තම ව්‍යාපාරික ගමන දියුණු කරගත් සම්පත් මායාකඩුව වසර 2012දී  නව  මාවතකට  තම  ව්‍යාපාරය  යොමුකරමින්  ”සිවිලිම”  ප‍්‍රදර්ශනාගාර ජාලය ආරම්භ කළා.

ගෙවුණු  වසර  නවයක  තරම්  කෙටි  කළක්  තුළදී  අයිඩියා  සමුහ  ව්‍යාපාරය අනුබද්ධිත  සමාගම්  20කින්  සමන්විත  හා  රුපියල්  මිලියන  5000  ට  අධික වටිනාකමක්  ඇති  සාර්ථක  සමූහ  ව්‍යාපාරයක්  බවට  පත්විණ.  එමෙන්ම  එම සමාගම   වගකීම්   සහිත   සමාගම්   පුරවැසියෙකු   ලෙසින්   පරිසර   හිතකාමී නිෂ්පාදන රැසක් තම ‘සිවිලිම’ වෙළෙඳ සන්නාමය යටතේ මෙරට ගෘහස්ථ හා වාණිජ   වෙළෙඳපොලට   සපයනු   ලබයි.   එමෙන්ම   ‘සිවිලිම’   නිෂ්පාදනවල කාර්මික සැලසුම් සඳහා පේටන්ට් බලපත‍්‍ර 42ක්ම හිමිව තිබේ. එමෙන්ම දකුණු ආසියාවේ  විශාලතම ASA Roofing   කර්මාන්ත  ශාලාව  හා  දොර  හා  ජනෙල් සඳහා   අවශ්‍ය   උපාංග   නිෂ්පාදනය   කිරීමේ   ලංකාවේ   විශාලම   කර්මාන්ත ශාලාවද   සම්පත්   මායාකඩුව සතු   වේ.  දිවයින   පුරා   ප‍්‍රදර්ශනාගාර 400කට  අධික  ප‍්‍රමාණයක්  ඇති  අතර  ඍජු  හා  ඍජු  නොවන  සේවක  ප‍්‍රමාණය 2500 ඉක්මවයි.

 

2009  වසරේදී  ‘මුදල්  ආකර්ෂණය”  නම්  ඉතාමත්  ජනප‍්‍රිය  කෘතියක්  රචනා  කළ සම්පත්   මායාකඩුව එයට අමතරව මුදල්   ඉතිරිය,  කාර්යක්ෂම   බව, පරිසර  හිතකාමීත්වයෙන්  යුතු  නව්‍ය  ආදේශක  නිෂ්පාදන  විශාල  ප‍්‍රමාණයක් වෙළඳ පොලට  හඳුන්වාදීමෙන්  ඉදිකිරීම්  ක්ෂේත‍්‍රය  වෙනුවෙන්  සිදුවන  විශාල වන   විනාශය   වැලැක්වීමටද   ප‍්‍රබල   දායකත්වයක්   ලබාදුණි.   එමෙන්ම   තම සමාගම්  ජාලයේ  සේවයකිරීමට  ඔහු  සැමවිටම  තෝරාගන්නේ  විශ්ව  විද්‍යාල අධ්‍යාපනය   නිමා   කළ   ඉතා   තරුණ   කණ්ඩායමකි.   ඔවුන්ටම   ආවේණික මෘදුකාංග,    ක‍්‍රමවේද    හා    සංස්කෘතිය    හරහා    එම    සමාගම්    සමූහය කළමණාකරණය  කෙරෙන  අතර  සමාගමේ  ලබන  වසරේ  අලෙවි  ඉලක්කය බිලියන 10කි.

තවද   ‘සිවිලිම’   සන්නාමයට   පසුගියදා   පැවැති  SLIM Brand Excellence –  2017 සම්මාන  උළෙලේදී  ‘වසරේ  විශිෂ්ටතම  නව්‍යකරණ  සන්නාමය’ (Best Innovative Brand of the Year) ලෙසින්  සම්මානයට  පාත‍්‍ර  විය.  අයිඩියා  සමූහ  ව්‍යාපාරය, මෙරට   හෝටල්,   ඉදිකිරීම්   හා   තොරතුරු   තාක්ෂණික   යන   අංශයන්   හි ව්‍යාපාරකරණයෙහි යෙදෙන ප‍්‍රමුඛතම සමාගමකි.