Friday, March 29, 2024

General line - 0115112241

මිනින්දෝරු කොළඹ කොටුවට රැස්වෙද්දී ලබන සඳුදා ලංවිම කරන්න යනදේ

ලහිරු කපුගේ/තුෂාර වීරරත්න




රජයේ මිනින්දෝරු සංගමය මේ වනවිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වනවා. ඒ, මෙරට ඉඩම් මැන සිතියම් කිරීමේ කටයුතු අමෙරිකාවට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් බවයි රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිඳු උඩගොඩ කියා සිටියේ.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් පස්වන දිනටත් අද (15) උපවාසයේ නිරත වනවා.

, සිය සේවකයින්ගේ ප‍්‍රසාද දීමනා පාලනාධිකාරිය විසින් කප්පාදු කිරීමට එරෙහිවයි.

මේ සහා විසඳුමක් ලබා නොදුණහොත් ලබන සඳුදායින් (18) පසු විදුලි සේවකයින් වැඩවර්ජනයකට අවතීර්ණ වන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ.