Friday, March 29, 2024

General line - 0115112241

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිරේ ගිහින් වසර 8ට පසු ඇප හිමි වූ ටෙලෝ සාමාජිකයා




ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ සිරභාරයේ සිටි ටෙලෝ සංවිධානයේ සාමාජිකයෙකුට ඊයේ (14) ඇප ලබාදීමට අනුරාධපුර මහේස්ත්‍රාත් උපාලි ගුණවර්ධන නියෝග කළා.

ඒ වසර 8 ට පසුවයි.

අන්තෝනි පිල්ලෙයි මරියශීලන් නැමති අයටයි මෙලෙස ඊයේ (14) ඇප නියම කෙරුණේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2009 වසරේ දී අන්තෝනි පිල්ලෙයි මරියශීලන්  අත්අජංගුවට ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් විසින් කරන ලද ප්‍රකාශකට සහාය ලබාදීම හේතුවෙන්.

නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව චෝදනා පත්‍ර ගොණු කර තිබුණා.

අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් ඇපමත මුදා හරිනු ලැබුවේ නීතිපත්වරයා විසින් වන අතර අන්තෝනි පිල්ලෙයි මරියශීලන් රිමාන්ඩ් භාරයට ගෙන තිබුණා.

නඩුව වවුනියාව අධිකරණයේ විභාග කෙරුණු අතර පසුව නීතිපතිවරයා විසින් අනුරාධපුරය අධිකරණයට මාරු කරණු ලැබුවා.

මෙම පුද්ගලයාට මහේස්ත්‍රාත්වරයා ඇප නියම කළේ රුපියල් ලක්ෂ 5ක් වටිනා ශරීර ඇප 2ක් සහ රුපියල් දස දහසක මුදල් ඇපයක් මතයි.