Thursday, April 25, 2024

General line - 0115112241

ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියේ සහාය




නීති විරෝධීව වෛද්‍යවරුන් ලෙස සේවය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියේ සහාය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර තිබෙනවා. 

විවිධ අංශ මගින් වාර්තා කර ඇති ආකාරයට දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30,000ක් පමණ සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

එමෙන්ම පුද්ගලික වෛද්‍ය සේවාවල වෛද්‍යවරුන් 15,000ක් පමණ සේවය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. 
ව්‍යාජ වෛද්‍යවරුන් නිතියේ රැහැනට හසු කරගැනීම සඳහා වෛද්‍යවරුන පුද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි වීම අවශ්‍ය වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙනවා.